............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Sunday, July 23, 2017

මෙය අනුගමනය කලොත් ඔබේ පෙම්වතිය සදාකල් ඔබත් සමග සිටීවි


තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක්‌පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්a වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී තිබෙනවාද? ස්‌වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරයක්‌ඇති වන්නේ රාගික හැඟීමත් සමගයි. ආදරයේ දී කාන්තාවගේ හැඟීම් වෙනස්‌වේ. "මං හිතන විදියටමයි එයා හිතන්නෙ", "මම කැමැති විදියටමයි එයා අඳින්නෙ" මෙවැනි සිතුවිලිත් සමගම කාන්තාව තුළ ආදරයක්‌ඇති වේ. පිරිමි සිත් රාගික හැඟීම්වලට ඉඩ දුන්නද කාන්තා සිත ඉඩ දෙන්නේ ආශාවන්වලට පමණයි. මේ නිසාම ආදරයේ දී එකිනෙකාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්‌වේ.

ආදරය යන්න මිනිසෙක්‌තුළ ඇති වන උතුම් හැඟීමකි. ආදරය කරන විට පිරිමියා ඒ දෙස බලන ආකාරය, කාන්තාව ඒ දෙස බලන ආකාරය අනුව එකිනෙකා හඳුනාගත යුතුයි. මෙය එක හා සමාන වූ පමණින් උතුම් ආදරයක්‌ඇති වේ. ආදරය සදාකල්හිම පැවතෙන සංසාරික බැඳීමකි. මෙකී නොසංසිඳෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යන්නට ඇයගේ ආදරය දිනා ගැනීම වැදගත්.

පෙම්වතිය හැමවිටම හැඟීම්වලට ඉඩදෙයි

පෙම්වතා ලෙස ඔබට ඔබේ පෙම්වතියගේ හැඟීම් තේරුම්ගත හැකි නම් ජීවිත කාලය පුරාවටම ඇය සමග සතුටින් කාලය ගතකළ හැකිවේ. හැමවිටම කාන්තාවක්‌තම සිතේ ඇතිවන ආදරය, සෙනෙහස, දුක, මෛත්‍රිය, කෝපය, කුතුහලය, සැකය, බය පිළිබඳ කතා කරයි. සිතනු ලබයි. නමුත් පිරිමියා මීට ප්‍රතිවිරුද්ධව සිතුවහොත් ඔහු හා ඇය අතර සබඳතාව පවත්වාගෙන යැමට නොහැකි වෙයි. පෙම්වතිය සමග කතා කරන විට තේරුම් ගත යුතු පළමු දෙය වන්නේ ඇය හැඟීම්වලට කතා කරන බවත්, මා හැම විටම ඇයගේ හැඟීම් අසා සිටිය යුතු බවත්ය. ඇය ආදරය ගැන කතා කළත් දුක ගැන කතා කළත් පිරිමි ඔබ එය අසා සිටිය යුතුය. සාමාන්‍යයෙන් ඔබේ පෙම්වතිය වැඩිපුර කතා කරන්නේ දුක, කනස්‌සල්ල, පාළුව, තනිකම, හුදෙකලාව, වේදනාව, කලකිරීම් ආදී කරුණු පිළිබඳවය. මේ ඇය තුළ ඇති වන හැඟීම්ය. ඇය මුදල් උපයන ක්‍රම පිළිබඳව, දේශපාලනය, ආර්ථික ප්‍රශ්න පිළිබඳ වැඩිපුර කතා නොකරන අතර වැඩිපුර කතා කරන්නේ ඉහත කාරණා ගැනය. ඒ නිසා ඇයගේ ආදරය දිනා ගන්නට නම් ඔබ පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් දිය යුතුය. ප්‍රේම සබඳතා බොහොමයක්‌අතරමඟදී බිඳ වැටෙන්නේ පෙම්වතා හැමවිටම පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් නොදීම නිසයි.

ආදරය ගැන කතා කිරීමට, රස විඳීමට, වින්දනය ලබන්නට වැඩි කැමැත්තක්‌දක්‌වයි. ඔබේ සිත දිනාගත් තරුණිය සමග ආදරය ගැන කතා කරන්නට හැකිනම් ඇයගේ සිත දිනාගැනීමට හැකිවේ. සාමාන්‍ය ස්‌වභාවය වන්නේ තරුණයා තරුණියකගේ, ආදරය දිනාගත් පසු ඒ ගැන කතා කිරීම අත්හැර දමයි. නමුත් තරුණියට මියයන මොහොත දක්‌වාම ආදරය ගැන කතා කිරීම අවශ්‍ය වේ. ආදරය කාන්තාවන්ගේ ශක්‌තිය වර්ධනය කරන සාධකයකි. ඒ නිසා මේ වචනයෙන් එන හැඟීම හැම විටම දැනෙන දෙයක්‌බවට පත්විය යුතුය. ආදරය ප්‍රකාශ කිරීම, කතා කිරීම, දැනෙන්ට සැලැස්‌වීම තුළින් පහසුවෙන්ම පෙම්වතියගේ ආදරය දිනාගැනීමට හැකි වේ.

පෙම්වතිය පුංචි පුංචි දේ ගැන කැමැත්තක්‌දක්‌වයි

පෙම්වතියගේ උපන්දිනයට ඇයට ලැබෙන තෑගි අතරින් ඇය වඩාත් සතුටට පත්වන්නේ පෙම්වතා ආදරයෙන් ලබාදෙන උණුසුම් හාද්දකින් විය හැකියි. නමුත් පෙම්වතා ලෙස ඔබ සිතන්නේ තම පෙම්වතිය වෙනුවෙන් මහා ලොකු දෙයක්‌කළ යුතු බවත් එවිට ඇය මහා ඉහළින් සතුටු වන බවයි. තරුණියන් සතුටු වන්නේ කුඩා, කුඩා දේවල්වලින් බව තරුණයන් දැනගත යුතුය. උදාහරණයක්‌ලෙස තමන්ගේ පෙම්වතිය මුණගැසුණු දිනය මතක තබාගෙන ඇයට රෝස මලකින් තෑගි කරන්නට හැකිනම් එය විශාල දෙයක්‌ලෙසින් තරුණිය සලකයි. පෙම්වතිය මුලින් හමුවූ දිනය, පෙම්වතියගේ උපන් දිනය ආදිය පිළිබඳව මතක තිබේ නම් ඇය බොහෝ සතුටට පත්වේ. නමුත් මෙවැනි කුඩා දේවල් අමතක කිරීම විශාල ගැටලු ඇති කරන්නට හේතු වේ.

පෙම්වතිය හැමවිටම උණුසුම අපේක්‍ෂා කරයි

කාන්තාවන් හැමවිටම ප්‍රතිවිරුද්ධ ලිංගිකයකුගේ උණුසුමට ආසා කරයි. තමන් ආදරය කරන තරුණියට උපරිම ආකාරයෙන් උණුසුම ලබා දෙන්නට හැකිනම් ඇයට උපරිම ආකාරයෙන් උණුසුම ලබාදිය යුතුය. උණුසුම අඩු වීගෙන යද්දී ඇයට මගේ පෙම්වතා ඈත්වන බවක්‌දැනෙන්නට ගනී. නමුත් ප්‍රායෝගික ලෝකයේ ඔවුන් ඈත් වී නොමැත. ඔබ දෙදෙනා තුළ පෙර පරිදිම ආදරය පවතී. කාන්තාවගේ ස්‌වරූපය වන්නේ පිරිමියාගේ උණුසුම විඳිමින් ඔහුගේ තුරුලෙහිම රැඳී සිටීමයි. ඇයට ඔබ ළඟ රැඳෙමින් උණුසුම විඳින්න ඉඩ ලබාදෙන්න. එවිට ඇය ඔබව හැර නොයයි.

පෙම්වතිය සිතන දේ සහ කියන දේ අතර වෙනසක්‌පවතී

ඔබේ පෙම්වතිය සිතන්නේ එකකි. කියන්නේ තව එකකි. උදාහරණයක්‌ලෙස පෙම්වතා තම පෙම්වතියට මුහුදු වෙරළට යැමට කතා කළ විට ඇය "හ්ම්" යනුවෙන් පිළිතුරු දුන්නේ නම් ඉන් අදහස්‌වන්නේ ඇය ඊට අකැමැති අතර පෙම්වතා අමනාප වේ යෑයි සිතා එයට කැමැත්ත දුන් බවයි. මේ ආකාරයට ඔබ පෙම්වතිය අකමැතිම දේ කිහිප සැරයක්‌පැවසූ විට තත්ත්වය කෙසේ වේවිද? එවිට තරුණියගේ සිත තුළ මෙම අකැමැතිම දේ කරනවා යන සිතුවිල්ල ඇති වේ. ඇයට මුහුදු වෙරළට යන්න කතා කළ විට ඇයගේ පිළිතුර "හ්ම්" වුවහොත් ඔබ කළ යුත්තේ ඇය සමග නොයා සිටීම නොවේ. ඔබ ඒ සඳහා ඇයට වෙනත් විකල්පයක්‌ඉදිරිපත් කිරීමයි. චිත්‍රපටයක්‌බලන්න යමුද, ලන්ච් අවුට්‌එකට යමුද ආදී වශයෙන් වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමය. එවිට ඇය ඇයගේ අදහස්‌ප්‍රකාශ කරයි. තරුණියන්ගේ හිනාවීමද එබඳුය. ඒ තුළත් අර්ථ කිහිපයක්‌ගැබ්වී ඇත. ඇය තනි වචන භාවිත කරයි (තනියි, පාළුයි, දුකයි) නම් ඉන් අදහස්‌වන්නේ තම පෙම්වතාගේ උණුසුම අපේක්‍ෂා කරන බවයි. හැමවිටම පෙම්වතිය කියන දේට වඩා වෙනස්‌අපේක්‍ෂාවන්, හැඟීම් ඇයගේ සිත තුළ තිබේ. ආදරයේ දී පෙම්වතා ලෙස ඔබ හැමවිටම පෙම්වතියගේ හැඟීම් වටහා ගන්න. 

 මේක අපිට ලියල එවුවේ  මනෝවිද්‍යා උපදේශිකා - ශේනයා හිරුනි අක්කා
 

No comments:

Post a Comment