............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Tuesday, July 25, 2017

ජිවිතේ විදින්න රූම් ගානේ ගිහින් විදවනවද? (ගැහුණු ළමුන්ට විශේෂයි)







කුමරි බඹසර හැඬූ දා...මතකද අයියේ.. ඒ පුංචි කාමරය.. ! මගේ අයියා මාව තුරුළු කරගෙන ඉඹපු තරම්.. ".. මගේ නංගිව මං දාල යන්නේ නෑ පැටියෝ.. මං ඔයාගෙමයි. අපි දෙන්නා කවදාහරි බඳිමු.. ඉක්මනටම. මං අම්මට ඔයා ගැන කියනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඉක්මනට එකතු වෙන්න. මං හොඳ ජොබ් එකක් හොයා ගන්නවා. අපි පුංචි පැටියෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙමු..."".. ඇත්තටම ආදරෙයි ද අයියේ.."".. ඔව් දෙයියනේ.. මං කොහොමද ඔයාට තේරුම් කරන්නේ. මගේ පණ ඔයානේ සුදු මැණික.."".. මාත් ආදරෙයි මගේ පණ ට..""... එහෙනං ලඟට එන්නකෝ තව ටිකක් භයේ ගැහෙන්න නැතුව මං සතෙක් නෙමෙයි.."දහසක් පොරොන්දු මැද ඔයා මගේ ජීවිතේට ආව. නොයන ලෙස. මට දැනුණේ අනන්තාපරිපන්න ආදරයක්.. මං ඔය පපුවට තුරුළු උණා. මං ඔයාව දේවත්වයෙන් පිළිගත්තා..ඔයා මගේ දෙතොලෙ උණුසුමට පිස්සු වැටිලා උන්නේ. දෙතොල් පට උරා බීවේ දවස් ගානකින් දිය බිඳක් තොල ගාපු අයෙක් නෙමෙයි වගේ.. මං උමතුවෙන් වගේ ඔයාට තව තවත් තුරුළු උණා. ඒ කාමරේ උන්නේ අපි දෙන්නම විතරයි. ඒ අපේ ලෝකේ. අපි තනිව හදපු ලෝකේ..  ආදරෙන් පිරිලා ඉතිරිලා ගියා .. මං ඔයාගේ හුස්ම පොද මගේ බෙල්ලෙන් පපුවට එද්දී නොදැනීම ඇස් පියා ගත්තා විඳ ගන්න..".. එපා.. ! කිචි අනේ.." ".. පොඩ්ඩක් ඉන්නවා කෝ.."ඔයා අනවසරයෙන් මගේ ළමැද මත මුහුණ තියා ගත්තා. නුහුරු හැඟුම් සිත වට දැවෙද්දී මං ඒ දේවත්වයෙන් පිදුම් ලැබූ ආදරය තව තවත් පපුවට තද කර ගත්තා.. මං නිරුවත් උණා.. ඔය දෑස ළඟ.. නුහුරු ලැජ්ජාව දැනුණේ හුරු දෙයක් විදියට.. කකුල පළල් වෙද්දී මං ඔයාට ගුලි උණා. මගේ හිත එපා කිව්වත්, මං ඔයාව මගේම කර ගත්තා. ඒත් මං දැනගෙන උන්නේ නෑ ඔයා මගේම නෙමෙයි, මං ඔයාගේ උණා කියලා.. ඒක මට දැනුණේ ඔයා මගේ පහසින් තෘප්තිමත් වෙනකොට.. මගේ දෑස් තෙත් උණා..".. අඬන්න එපා නංගි.. මං ඉන්නවා නේ.." ".. අනේ අයියා.."".. මං ඔයාව දාල යන්නේ නෑ .."මං මුකුත්ම නොකියා ඔය පපුවට ආයෙමත් ගුලි උණා. එක පාරක් නෙමෙයි. දෙපාරක් තුන් පාරක්.. ඔයාට ඇති වෙනකං මං ඔයාගේ උණා.. ඔයා හිනා උණා. මං තුරුළු උණා. මගේ රුධිරය තුල ඔයාගේ ආදරේ දුවනවා වගේ දැනුණා.. අපේ පුංචි කාමරයෙන් එලියට එද්දී ඒ ඇතුලට තව දෙන්නෙක් යනවා මං බලාගෙන.. මං ඔයාගේ අතේ එල්ලිලා ආව. සුදු පාට පෙති දෙකකින් මගේ ජීවිතේ තීරණය උණා..නිතරම "..සුදු නංගි .." කියපු ඔයාට එදා ඉඳන් චුට්ට වැරදෙනකොට ".. පරට්ටි.." උණා.. කුමර බඹසර හැඬූ දා..."..උඹ අරකට ගැහුවද බං.. " ".. ඔව් ඈ.. සැප කරේ ඕයි.. "".. පලයන් යන්න බොරු නොකියා. තොට පුලුවන්ද එච්චර දෙයක් ගෝතයා.." ".. හිටපන් පෙන්වන්න.."".. මොනවද..? .."
".. 
".. ".. සාක්‍ෂි .."".. අම්මට හුඩු.. අමර ගැහිල්ලක් නේ.." ".. කොහොමද වැඩ ඈ.."".. අඩේ මටත් ආස හිතුනා බං.." ".. යකෝ තෝ.. ඒ මගේ කෙල්ල බං.."".. හරි බං. උඹ සිරා කරපු එක නෙමෙයි නේ.. ඕනේ තරම් තව ඉන්නේ.." ".. ම්ම්ම්හ්..."".. නම්බර් එක දීපන්කෝ බං.. ! .." ".. 075 ######## ඔන්න.. හැබැයි මාව මාට්ටු කරන්න එපා. උඹ වැරදුන විදියට ටෝක් කරපං.. තේරෙනවා නේ.. මටත් ඕනේ හලා ගන්න. මල ඇණයක් බං  .. "
".. ඒ ගමන් අර වීඩියෝ එකත් දාපං. මං බ්ලු ටූත් ඔන් කළා.. ඒක නියමයි.. මරු කඳ.." ".. හිටාන්.."Writer : Unknownහිතන්න,ඔබත් ආදරෙයි කියා තමන්ගේ පෙම්වතියගෙන් ඉල්ලන්නේ මෙයද?හිතන්න,ඔබ ආදරය යනුවෙන් ඔබගේ පෙම්වතාට දෙන්නේ ඔබගේ ආත්මයද?ආදරේ කරන එක වැරදි කියලා මම කියන්නේ නෑ.ඒත් තමන්ගේ ආත්මය පාවලා දෙන එකත් මම අනුමත කරන්නේ නෑ.

x

No comments:

Post a Comment