............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Monday, July 17, 2017

සුවිශේෂී කාර්ය බලකා වලින් එකක් වන GGK කොමාන්ඩෝ රෙජිමේන්තුව


1963 දී ඉන්දුනීසියාව විසින් සිය අසල්වැසි රාජ්‍ය වූ මැලේසියාව ආක්‍රමණය කිරීමට සැරසෙන විට මැලේසියාවටද එයට ප්‍රභල ලෙස ප්‍රතිචාර දැකිවීය කෙසේ වුවත් ඉන්දු-මැලේසියානු දේශ සීමා ආශ්‍රිත වන ගහනයන්හි සාර්ථකව සටන් වැදීමට මැලේසියානු හමුදාවට සාමාන්‍ය පුහුණුවෙන් බැහැර වූ අති විශේෂ පුහුණුවක් ලැබූ සෙබලුන් අවශ්‍ය විය. Group Gerak khas හෙවත් GGK හමුදා අනු ඛණ්ඩය බිහිවූයේ එලෙසයි.
මෙය සුවිශේෂී හමුදා ඛණ්ඩය සඳහා ස්වේච්ඡා බටයින් 1600 ක් ඉදිරිපත් වූ අතර එයින් 360 ක් පුහුණුව සඳහා තෝරා ගන්නා ලදී. එයිනුත් අවසාන පුහුණු වටයට 50 දෙනෙක් තේරී පත්වූ අතර අතිශය දුෂ්කර හා මනුෂ්‍ය ඉවසීමේ සීමාවෙන් බැහැර වූ මෙම පුහුණුවෙන් සමත් වූයේ 12 දෙනෙකු පමණි.

වර්ථමානයේ GGK ඛණ්ඩය යනු ලොව පුබලතම හා සුවිශේෂී කාර්ය බලකා වලින් එකක් වන අතර GGK කොමාන්ඩෝ බටයින් 3500 ක් පමණ මෙම ඛණ්ඩයට අයත්ය. විශාල හමුදා ඛණ්ඩයට කළ නොහැකි බොහෝ දේ GGK භටයින් කීප දෙනෙකුට නිහඬව සිදුකළ හැකි අතර ඔවුන් තොරතුරු රැස් කිරීම, ඔත්තු බැලීම, ත්‍රස්ථවාදී මර්ධනය සතුරු ඉලක්ක විනාශ කිරීම හෝ හානිකර බලවේග මැඩලමින් ප්‍රාණ ඇප කරුවන් ගලවා ගැනීම සඳහා ලොව පුරා මෙහෙයුම් වලට දායක වෙති.
GGK භටයින් විසින් ගුවනින් හෝ ජලයෙන් සිය ඉලක්කය වෙත ලඟා වී තම මෙහෙයුම සම්පූර්ණ කර නිහඬවම පිටවී යන අතර ලොව වෙනත් විශේෂ බලකා අතරින් ඔවුන් කැපී පෙනෙන්නේ ඔවුන්ට ලොව දුෂ්කරම පරිසර තත්ව වලදී නොනැසී ජීවිත රැකගෙන සටන් කිරීමට මෙහෙයුම සම්පූර්ණ කිරීමට හා ආපසු පැමිනීමට ඇති හැකියාව නිසයි. එම හැකියාව ඔවුනට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔවුනට ලබා දෙන අති දුෂ්කර පුහුණුව නිසා වෙනි.

GGK හි මූලික සම්මුක පරීක්ෂණ වලින් තෝරා ගන්නා ආධුනිකයින් සති හයක පුහුණුවකින් පසුව අවසාන පුහුණුවට සහභාගී වෙති. මෙම අවසාන පුහුණුව තුන් මසක් පුරා අදියර 4 ක් ඔස්සේ පැවැත්වෙන අතර මෙය නියම මිනිසුන් හැර අන් සියළු දුබලයින් අත්හැර දමන පුහුණුවකි.
මෙහි පළමු අදියර පැය 33ක අති දුෂ්කර ව්‍යායාම මාලාවක් වන අතර එම ව්‍යායාම අතර ආබාධයට ලක්වන හෝ එක් අදියරක් අසමන් වන ආධුනිකයින් පුහුණුවෙන් ඉවත් කරනු ලැබේ. මෙය සම්පූර්ණයෙන්ම කාය ශක්තිය හා ධෛර්යය පරීක්ෂා කරන අධියරකි.
දෙවන අදියරේ දී කළ යුත්තේ කිලෝග්‍රෑම් 17 ක යුධෝපකරණ සමග කිලෝමීටර 160 ක් පාගමනින් යාමයි. යුධෝපකරණ අතර ආහාර හා ජලය අඩංගුවන අතර ආධුනිකයාට අවශ්‍ය පරිදි ඒවා භාවිතා කළ හැක. මෙම ගමනට ඔවුනට දින තුනක් පමණ ගත වන අතර විවේක ගැනීමට ලැබෙන්නේ එක් රැයක් හා අනෙක් දිනයෙන් පැය කීපයක් පමණි. මෙහිදී බොහෝ දෙනෙක් විවිධ ආබාධ, විජලනය හා ධෙර්යය මද වීම කියා අසමත් වෙති.
මෙවන් බරපතල මූලික පුහුණුවක් ලබා දෙන්නේ GGK කොමාන්ඩෝ භටයින් බොහෝවිට තම ඉලක්ක වලට පාගමනින් ලඟා වීම නිසාය. 1993 දී සොමාලියාවේ Mogadishu හි ඇමරිකානු Black hawk හෙලිකොප්ටර් දෙකක් කඩා වැටුණු විට එම ප්‍රදේශයේ සොමාලියානු කැරලි කරුවන්ට අසුවූ ඇමරිකාණු භටයින් ගලවා ගැනීමට GGK භටයින්ගේ සහාය ලබා ගත්තේ ඔවුන්ගේ මෙම සුවිශේෂී හැකියාව නිසාය.
තෙවන අධියර වන්නේ පිහියකින් හා කොට කලිසමකින් පමණක් සන්නද්ධව අතිශය දුශ්කර කටුක හා භයානක මැලේසියානු වනාන්තර වල දෙසතියක් ජීවත් වීමය. මදුරුවන්ගේ සිට සර්පයින් පසුකර කිඹුලන් දක්වා සතුන් ගෙන් වන පීඩාවන්ගෙන් මිදී ආහාර ජලය හා ආරක්ෂාව ලබා ගනිමින් වනය තුල ගත කරන දෙසතිය අතිශය දුශ්කර අතර මෙම කාලය තුල ආධුනිකයන්ගේ ශරීර බරෙන් 60%කටත් වඩා අඩු වීම දක්නට ලැබේ. GGK හමුදා භටයින් කිසිදු ආහාරයක් ජලය හෝ සුවිශේෂී උපකරණ වලින් තොරව මාස ගණනක් වුවද වනාන්තර තුල නොනැසී ජීවත් වීමේ හැකියාව ලබා දෙන්නේ මෙම අති දුශ්කර පුහුණු ව හරහාය.



මෙම අධියර සමත් වීම චිත්ත ධෛර්යය කණ්ඩායම් හැඟීම් අන්‍යයන්සමග එකට කටයුතු කිරීම හා පූර්ණ ශාරීරික යෝග්‍යතාව අත්‍යාවශ්‍යය. එයින් තෝරා ගැනෙන ආධුනිකයින් අවසාන පුහුණු අධියරට ඇතුලත් කරණු ලැබේ. අවසාන අදියරේ දී ඔවුනට ක්‍රමාණුකූල ආයුධ පුහුනුවක්, විශේෂ පුහුණුවක් බර අවි, කුඩා අවි, පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ රහිත සටන් ක්‍රම ඉගැන්වෙන අතර සුවිශේෂී පුහුණු කඳවුරු වලදී ප්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම්, ත්‍රස්ථවාදීන් මැඩලීම හා තාක්ෂණික හා ක්‍රමාණුකූල අවි පාලනය ප්‍රගුණ කෙරේ.
සියල්ල අවසානයේ පැවැත්වෙන සමූහ අභ්‍යාසය තුලදී ඔවුන් තුන්මස තුල උගත් සියලු දේ පරීක්ෂා කරයි. ඔවුන් කළ යුත්තේ වනය තුලින් රාත්‍රියේ දී කිලෝමීටර 10 ක් ගමන් කර පුහුණු ප්‍රවීණ GGK භටයින් විසින් ආරක්ෂා කෙරෙන සන්නිවේදන කණුවක් පුපුරවා නැවත වනය තුලින් ඔවුනට හසු නොවී කිලෝමීටර 180 ක් වසා ඇති ආරක්ෂිත කලාපයට පිවිසීමයි. සතුරෙකුට හෙවත් පුහුණු GGK භටයින්ට හසු වුවහොත් ඉතා බරපතල දඬුවම් වලට මුහුණ දීමට සිදුවේ.
මේ සියල්ලටම පසු ඉතිරිවන භටයින් GGK කොමාන්ඩෝ භටයින් ලෙස තේරීපත් වන අතර ඔවුන් ලොව ප්‍රමුඛතම හමුදා භටයින් ලෙස පදක්කම් ලබා මැලේසියාවේ කීර්තිමත්ම හා දක්ෂතම මිනිසුන් අතරට එක් වීමේ වරම් ලබති.


No comments:

Post a Comment